ප්‍රින්ස්ගේ රෝහල් ගාස්තු ගෙවන්න කීර්තිගෙන් ප්‍රසංගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ප්‍රින්ස්ගේ රෝහල් ගාස්තු ගෙවන්න කීර්තිගෙන් ප්‍රසංගයක්


මියගිය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ නවලෝක රෝහලේ රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පවත්වන්නට ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් මහතා තීරණය කර තිබේ.

ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සිදු කර ඇත්තේ මසක් ඇතුළත රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවන බවට පොරොන්දු වීමෙනි. මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සංගීත ප්‍රසංගය පවත්වන්න තීරණය කර ඇති බවත් ගායක ගායිකා සංගමය සම්බන්ධ නොවී තමා  පුද්ගලිකව මැදිහත්වී මෙය සංවිධානය කරනබවත් ඔහු පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad