ජනප්‍රිය බොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් ජනාධිපතිවරණයට..?

මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හොලිවුඩ් සුපිරි නළුවකු සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. 

ඒ බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන ඩ්වේන් ජොන්සන් බව සඳහන් වන අතර මේ පුවතෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි වුවත් පසුගිය සතියේ මේ සුපිරි තරුව ප්‍රකාශකර ඇති කාරණාව පිළිබඳව බොහෝදෙනාගේ අවධාන යොමුව තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ නැවත ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020දී වන අතර, ඒ සඳහා තව අවුරුදු 03 කාලයක් ඇති බවත් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු සඳහන් කර තිබේ. මේ ප්‍රකාශයෙන් පසු බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එසේම තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ එවැනි මත අද පළ වුවත්, 2020 දී කුමක් සිදුවේදැයි අනාවැකි කිව නොහැකි බවයි
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment