මහනුවර නගරයේ හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක් !

මහනුවර නගර මධ්‍යයයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා.

එලෙස එම කඳවුර දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කළහොත් ශ‍්‍රී දළදා මාලිගයේ ආරක්ෂාවද අවදානමට ලක්වන බවයි ඔහු කියා සිටියේ. ආණ්ඩුවේ සැබෑ අවශ්‍යතාව මහනුවර නගරය සංවර්ධනය කිරීම නම් ඒ සඳහා විකල්ප ඉඩම් භාවිත කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

හිස්කර ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර භූමිය ද ඊට යොදාගත හැකි බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. මහනුවර දී අද මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම කරුණු ප‍්‍රකාශ කළා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment