අවසන් පන්දු ඕවරයේදී සියල්ල කණපිට හැරවූ දකුණු අප්‍රිකා, එංගලන්ත විස්සේ සටන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

අවසන් පන්දු ඕවරයේදී සියල්ල කණපිට හැරවූ දකුණු අප්‍රිකා, එංගලන්ත විස්සේ සටන


එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟාවලියේ දෙවන විස්සයි විස්ස තරඟය ඊයේ County Ground හිදී ඊයේ පැවැත්වුණා.

මේ තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන්න දකුණු අප්‍රිකාව කඩුලු 8ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. නැවතත් සිය කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ AB හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් හතරක් සමඟ ලකුණු 46ක් ලබා ගත්තා.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තය දකුණු අප්‍රිකාවට තියුණු සටනක් ලබා දුන්නද අවසන් පන්දු ඕවරයේදී සියල්ල කණපිට හැරවීමට දකුණු අප්‍රිකාවේ වේග පන්දු ක්‍රීඩක  Andile සමත් වුණා. මෙහි පළමු විස්සයි විස්ස තරඟය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.
 



No comments:

Post a Comment

Post Bottom Ad