ඊයේ දිනයේදී අප විසින් පළ කරන ලද කුඹුර ගොඩකර හැදූ ෂෙඩ් එක අජිත්ගේ නෙමෙයි! අජිත්ගේ සහෝදරයගේ!

ඊයේ දිනයේදී අප විසින් පළ කරන ලද ;අජිත් පෙරේරා අනවසරයෙන් කුඹුරක් ගොඩකර පෙට්‍රල් ෂෙඩ් හදයි-නිලධාරීන්ට බැන සංවර්ධන රැස්වීමෙන් පිටවයයි; යන ශීර්ෂයෙන් යුතු ප්‍රවෘත්තියේ සඳහන් ඉන්ධන පිරවුම්හල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාට අයිති වත්කමක් නොව ඔහුගේ සොහොයුරාට අයත් එකක් බව වාර්තා වී තිබේ.

ප්‍රදේශයට අදාළ ඉඩම් නිලධාරියාට අනුව එම ඉඩමට අදාළ නඩුව දේශපාලන සහ ආර්ථික බලය මත සිදුකල බලපෑම් නිසා ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඉල්ලා අස්කරගෙන තිබේ. එලෙස දේශපාලනික බලපෑම් කලේ කවුරුන්ද යන්න තහවුරු වී නැති අතර සිය සහෝදරයාගේ ඉන්ධන පිරවුම්හල පිළිබඳව අප පළකල ප්‍රවෘත්තියෙන් අජිත් පී පෙරේරා මහතාට හිත් අමනාමපයක් සිදුවී ඇත්නම් අප සමාව ඉල්ලා සිටිමු.

ඊයේ අප පළකල ප්‍රවෘත්තිය – මෙතනින්
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment