උතුරේ හර්තාල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

උතුරේ හර්තාල්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරෝධය පළ කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රික්කයේ පුර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන අතර උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි ද කලු කොඩි ප්‍රදර්ශනය කර ඇති අයුරු දැක ගත හැකි විය.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම වෙළෙඳසැල් හා පාසල් ද වසා දමා තිබුණි.යාපනය සරසවියේ සියලුම පීඨයන්හි දෛනික අධ්‍යාපන කටයුතු ද සිදු නොවන අතර යාපනය විශ්ව විද්‍යාල සේවක සංගමයද හර්තාලයට සහය දක්වා තිබිණි. ඊට අමතරව යාපනයේ සියලු බස් රථ ධාවනයක් සිදු නොකරමින් බස් රථ සංගමය ද හර්තාලයට සහය දක්වා තිබිණි. 

යාපනය දිස්ත්‍රික්කයට අමතරව උතුරේ සෙසු දිස්ත්‍රික්කයන් වන මුලතිව්,කිලිනොච්චි,වව්නියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හිද කලු කොඩි ප්‍රදර්ශන කර තිබිණි. තවද වව්නියාව ස්ථාන කිහිපයක වව්නියාවේ ජනතාව නමින් උතුරු මහ ඇමතිවරයාට විරුද්ධව ඉලංගෛයි තමිල් අරුසුකච්චි පක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගයට විරෝධය පළ කර සිටින බවට පෝස්ටර් කිහිපයක්ද අලවා තිබිණි.        

(වන්නි - රොමේෂ්)       

No comments:

Post a Comment

Post Bottom Ad