පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට

පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර මහතාට එරෙහිව මේ වනවිට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් අතර ප්‍රබල විරෝධයක් හා කළකිරීමක් ගොඩනැගෙමින් පවතින බව වාර්තා වේ. 

පෙරේදා (22) රාජිත සේනාරත්න, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් හමුවට පොලිස්පතිවරයා කැඳවා ඇති අතර එහිදී අමාත්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කොට ඇත්තේ පෙරේදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදී රුපියල් මිලියන ගණනක රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම සහ උසාවියට බාරවන තෙක් බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙනි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමග මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායක හා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් සහභාගි වී තිබේ. එම සාකච්ඡාවේ එක් අවස්ථාවක රතු කට්ට පැන ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'තමුන්නාන්සෙට ඔය තනතුර දෙන්න දෙන්න සම්පූර්ණ තල්ලුව දුන්නෙ මම. තමුන්නාන්සෙ ඔය තනතුරෙන් යවන්නෙත් මම' යැයි කියමින් බැනවැදී තිබේ. 


ඉන්පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත හැරී ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා 'ඥානසාර වගේ මදාවි සිවුරුකාරයෙක් අල්ලගන්න බැරි නං පොලීසියක් මොකටද ? රජයේ අමාත්‍යංශයක් රකින්න බැරි නං ඒ වගේ පොලීසියක් මොකටද ? තමුන්නාන්සෙගෙ පුටුවෙ පොලිස් කොස්තාපල් කෙනෙක් වාඩි කෙරෙව්ව නං ඔයිට වැඩිය හොඳ සේවයක් කරයි' යනුවෙන් පවසද්දී සියලුම පොලිස් නිළධාරීන් බිම බලාගෙන නිහඬව සිට ඇත.

මේ අතර අපවෙත වැඩිදුරටත් වාර්තා වන අන්දමට පොලිස් කොමිසම සහ ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇත්තේ කොමිසමෙන් ඉවත් කිරීමට ප්‍රථමව නම්බුකාර ආකාරයට ඉල්ලා අස්වන ලෙසයි. ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු වන සමරකෝන් බණ්ඩා නමැති අය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad