පාසල්වල තොරතුරු තාක්ෂණ ගැටළුවලට විසදුම් දීමට ජාතික වැඩපිළිවෙලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

පාසල්වල තොරතුරු තාක්ෂණ ගැටළුවලට විසදුම් දීමට ජාතික වැඩපිළිවෙලක්

පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කිරීමේ දී මුහුණ පෑමට සිදුවන විවිධාකාරයේ ගැටළුවලට විසදුම් ලබා දීම සදහා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් මේ අනුව පාසල් සිසුන්ට,ගුරුවරුන්ට හා  දෙමාපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටළුවලදී ඇවැසි විසදුම් ලබාදීම සදහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහය වනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර්ජාලය,පරිගණකය,ජංගම දුරකථනය ඇතුළු තාක්‍ෂණික මෙවලම් තමන්ට මෙන්ම සමාජයට හිතකර ආකාරයෙන් භාවිතා කිරීමට දිරි ගැන්වීම සහ ඇතැම් අවස්ථා වලදී අහිතකර ආකාරයෙන් කටයුතු කිරීම නිසා මතුවන ගැටළුවලදී නිසි මග පෙන්වීම මෙම ජාතික වැඩපිලිවෙළෙහි අරමුණ බව ද සඳහන් වේ.

තවද මේ සදහා අවශ්‍ය කෙරෙන තොරතුරු මෙන්ම මඟ පෙන්වීම සදහා වෙබ් අඩවියක් ද ස්ථාපනය කිරීමට මෙන්ම මතුවන ගැටළුවලට සවන් දීමේ සහ පිළිතුරු ලබාදීමේ ක්‍රමවේදයක් ද සකස් කර තිබේ. මේ වන විට පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද (EDUCSIRT) පිහිටු වීම සිදු කෙරෙමින් සිටින බවත් එහි ක්‍රියාකාරිත්වය සඳහා ගුරුවරුන් සියයකට පමණ පුහුණුව ලබා දී තිබෙන බවත් තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ පාසල් මට්ටමින් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙන බවත් නියෝජිතායතනය තව දුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad