සයිටම් ගැටලුව විසඳන හැටි ගැන රජයෙන් නිවේදනයක්

වර්ජන හා අරගල මැද දිනපතා පුවත්පත් සිරස්තල මවන ගැටලුවක් බවට පත්ව තිබෙන සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාල ගැටලුව විසඳන ආකාරය ගැන රජය පාර්ශ්වයෙන් ජනපතිවරයා නිවේදනයක් නිකුත් කර ඇත.

ජනපතිගේ උපදෙස් මත ලේකම් පීබී අබේකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම නිවේදනය නිකුත් කරන්නට ආසන්නම හේතුව GMOA සමග වර්ජනය නතර කිරීම ගැන පැවති සාකච්ඡාවේ ජනපති දුන් පොරොන්දුවකි. කෙසේ වෙතත් අලුත් නිවේදනයේ සඳහන් කරුණු බොහොමයකදී කියන්නේ රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ගැසට් පත්‍ර හා නිර්දේශ ගැනයි.

මින් ඉහතදී සයිටම් ගැටලුව ගැන ජනපති කළ ඉල්ලීම අනුව උපාධි පාඨමාලා නැවැත්වීමට හැකියාවක් නැති බවත් තමන් ලියාපදිංචිවී සිටින පුද්ගලික සමාගම් පනත අනුව රජයට එම බලපෑම කරන්නට නොහැකි බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු දන්වා තිබුණි.

ජනපතිගේ නිවේදනය පහතින්...








Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment