මාලිංගගේ පරීක්ෂණයට ක‍්‍රිකට් ආයතනයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

මාලිංගගේ පරීක්ෂණයට ක‍්‍රිකට් ආයතනයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම උදෙසා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඇතැයි වාර්තා වේ. 

එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටු සභාපති අසේල රැකව, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු නම්කොට ඇත.

ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එය මතභේදයට තුඩුදුන් ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad