විශ්වාසභංගයට විසදුමක් නැත්තම් මහ ඇමති ඉවත් කිරීමට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

විශ්වාසභංගයට විසදුමක් නැත්තම් මහ ඇමති ඉවත් කිරීමට යෝජනාවක්

විශ්වාසභංගයට විසදුමක් නැත්තම් මහ ඇමති ඉවත් කිරීමට යෝජනාවක්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට විරුද්ධව භාර දුන් විශ්වාසභංගයට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් විසදුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසිවාරයේදී මහ ඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ජන්දයෙන් සම්මත කර ගන්නා බවට උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) රාත්‍රියේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් පළාත් සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ලබා දීම සම්බන්ධයෙන් විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජයතිලක මහතා කියා සිටියේ පසුගිය උතුරු මහ ඇමති විසින් මෙතෙක් කල් පළාත් සභාවේ සිටි අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් එම ක්‍රියාව හෙළා දකිමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේ උතුරු මහ ඇමතිවරයා සමඟ මෙතෙක් සිටි මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සමඟ 21 දෙනෙකු එක්ව උතුරුමැද මහ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඊයේ රාත්‍රියේ භාර දී ඇත.

මෙම විශ්වාසභංගයට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් විසදුමක් නොලැබුණහොත් මේ මස 22 දින පළාත් සභා සැසිවාරයේදී උතුරු මහ ඇමතිවරයාට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කොට වැඩි ජන්දයෙන් සම්මත කොට  උතුරු මහ ඇමතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

(වන්නි-රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad