බණ්ඩාරවෙල නගරයේ ගොඩනැගිලි කිහිපයක් ගිලා බසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

බණ්ඩාරවෙල නගරයේ ගොඩනැගිලි කිහිපයක් ගිලා බසී

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි කිහිපයක් හදිසියේ ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් ඒ අවට ජීවත් වන ජනතාව දැඩි භීතියට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වාදෙන්නේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන විශාල ප්‍රමාණයේ ගොඩනැගැල්ලක් ඇතු`ඵ ගොඩනැගිලි 03ක් මෙන්ම නිවාස 02ක් මෙලෙස ගිලා බැසීමට ලක්වන බවයි.

වාර්තාකරු පැවසුවේ මෙම ගොඩනැගිලිවල විශාල ප්‍රමාණයේ පිපිරීම් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳව බලධාරීන්ව දැනුවත් කළ බවයි. ගිලා බැසීමට ලක්ව ඇති මෙම ගොඩනැගිලි ආශ්‍රීතව ජීවත් වන නගරවාසියෙකු වෙත මෙලෙස අදහස් දැක්වුවා. මේ අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටි  ප්‍රමාණය පවුල් 2, 600 ක් දක්වා අඩුවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ අනුව දිස්ත්‍රික්ක 9 කට අයත් පුද්ගලයින් 9, 289 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 121ක් තුළ රඳවා සිටින බවයි.

මේ අතර, ජල ගැලීම් පැවති දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, රත්නපුර, කෑගල්ල, ගාල්ල , කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදනය ක්‍රියාත්මකයි. මේ අතර බස්නාහිර, සඹරගමුව, මධ්‍යම දකුණ හා වයඹ යන පළාත්වල අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad