දරු ඵල ප්‍රශ්නයට විසඳුම් දෙන රජයේ පළමු ‘ස්පර්ම් බෑන්ක්‘ එක කළුබෝවිල රෝහලේ

රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී  විවෘත කර තිබෙයි.

පුරුෂ මදසරුභාවයට

පිළියම් සැලසීම , මදසරු සැමියන් සහිත බිරියන්ට අන්‍ය ශුක්‍රාණු තැන්පත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සේවා සැලසීම මෙහිදී හැකි බව කියැවේ. මේ දක්වා ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක විය.

කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන  සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන  විසින් එම ඒකකය විවෘත කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment