සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්‍ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..

සිවුරු පොරවාගෙන ජාතිවාදය අවුස්සන අයට භික්‍ෂුන් වහන්සේලා කිව නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගාල්ලේ මාපලගමදී ඇය කියා සිටියේ චීවරයක් දරා ගත්තේ නම් කල යුත්තේ බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමත් එම ධර්මය ජනතාවට කියාදීම බවත්ය. තව දුරටත් අදහස් පල කරමින් ඇය එහිදී කියා සිටියේ තමන් ජනාධිපති වී සිටියදී ජනාධිපති මන්දිරයේ දෙමල පංති දැමූ බවත් එමගින් ඇමතිවරුන් සෑහෙන දුරට දෙමල ඉගෙන ගත් බවත්ය. පසුව එම පංති කඩා වැටුනු බවද ඇය සදහන් කලාය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment