රාජපක්ෂ යුගයේ කෝටි ගනන් ඉපැයුවන් කිහිපදෙනෙකු රනිල්ගේ ගෙදර විස්කි අල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

රාජපක්ෂ යුගයේ කෝටි ගනන් ඉපැයුවන් කිහිපදෙනෙකු රනිල්ගේ ගෙදර විස්කි අල්ලයි..

පසුගිය සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය 5 වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට යාබද අගමැතිවරයාගේ මහගෙදර උපන්දින සාදයක් පැවත්විනි. ඒ අගමැති සොහුයුරු චන්න වික්‍රමසිංහගේ උපන් දිනය වෙනුවෙනි.

මෙම උපන් දින උත්සවයට අගමැතිවරයාගේ මෙන්ම ඔහුගේ සොහොයුරුගේ ලගම හිත්වතුන් 50-60 දෙනෙකුට පමණ ආරාධනා කොට තිබු අතර වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සටනේ සුප්‍රසිද්ධ චරිතය. මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිත්වත් මිත්‍රයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ නොයෙකුත් ක‍්‍රම හරහා කෝටිපතියෙකු වූ ව්‍යාපාරිකයෙක් අගමැතිවරයාගේ සියලු පැරණි මිතුරන් පරදවා වීදුරවක් ඉවර වෙන්න වීදුරුවක් මධුවිත පිලිගන්වට යෑමෙන් පැමිණි සිටි බොහෝ දෙනෙකු දැඩි කලකිරීමට පත්ව සිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉතා හිතවත්ව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සියලුම විදේශ සංචාරයන්ට සහභාගි වූ තවත් දෙදෙනකු එම උපන් දින සාදයට සහභාගි වී සිටි අතර එයින් එක් පුද්ගලයකු ප්‍රසිද්ධ වන්නේ ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගමක් ලංකාවට ගෙන එන බව පවසමින් කුලියාපිටියේ රජයේ මහාභාරකරු සතු ඉඩමක් ලබාගැනීම සම්බන්ධ අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad