රනිල්ගේ සමීපතම යහපාලන ප්‍රබලයෙක් මහින්දගේ හිතවතෙක් එක්ක තරුපහේ හෝටලයක - ඇරඹුනේ ශ්‍රීලනිපය දෙකඩ කරන මෙහෙයුමද? විස්තරේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

රනිල්ගේ සමීපතම යහපාලන ප්‍රබලයෙක් මහින්දගේ හිතවතෙක් එක්ක තරුපහේ හෝටලයක - ඇරඹුනේ ශ්‍රීලනිපය දෙකඩ කරන මෙහෙයුමද? විස්තරේ මෙන්න

යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන මේ ඇමැතිවරයා දකුණු පළාතේ ප්‍රබලයකුද වෙයි. 

එම සාකච්ඡාවට සහභාගි වී ඇති රාජපක්ෂ හිතවාදී නිලධරයා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල භූමිකාවක් ගෙන ගිය ආයතන කිහිපයකම මුල් පුටු හෙබවූ අයකු බව දැනගන්නට ඇත. මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් සමීපතමයකු වන සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයකු බවටද තොරතුරු වාර්තා වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රහසිගත වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද ඉහළ තැන්වලට දැනගන්නට ලැබී ඇත. මේ පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවටද වාර්තා වී ඇති අතර යහපාලන රජයට සම්බන්ධ එජාප හා ශ්‍රීලනිප අතර වසර දෙකක් සඳහා ඇති කරගෙන තිබෙන එකඟතාව තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින මොහොතක ශ්‍රී ලනිපය දෙකඩ කිරීමේ අබිරහස් උත්සාහයක යෙදීම දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad