ජාතික ආණ්ඩුවේ අනාගතය තීරණය කරන විශේෂ සාකච්ඡාවක් අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ජාතික ආණ්ඩුවේ අනාගතය තීරණය කරන විශේෂ සාකච්ඡාවක් අද

ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ සැළසුම් කිරිම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත කණ්ඩායම් දෙකක් අතර මෙම හමුව පැවැත්වෙනු ඇති. මේ වන විට සිදු කරමින් පවතින ව්‍යවස්ථා සංශෝධන වැඩපිළවෙල සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගනු ඇති.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට එක්වන අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නායකත්වය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දරනු ඇති. මෙම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම කණ්ඩායම් කැඳවා සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad