නාය ගිය දිස්ත්‍රික්ක කිහිපයකින් අමුතු ද්‍රාවණයක් පොලොව යටින් මතුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

නාය ගිය දිස්ත්‍රික්ක කිහිපයකින් අමුතු ද්‍රාවණයක් පොලොව යටින් මතුවෙයි

පසුගිය 25දා පැවති අදික වර්ෂාව නිසා ලංකාවේ ප්‍රදේශ රැසක් නාය ගිය අතර ඉන් වැඩි බිම් ප්‍රමාණයක් නාය යෑමට ලක්වුයේ කළුතර දිස්ත්‍රික් බදුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මායිම් කුකුලේ ගඟට යා බද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොළඹෑව හා මූණහීන් වත්ත ගම්මානයේ අක්කර 32ක් පමණ නාය යෑමෙන් එම පස් කන්ද කුකුලේගග හරස් වි ගග පිටාර ගැලිමක් සිදුවිය.

එම නාය යාම හා ගංවතුරෙන් කොළඹෑව ගමේ නිවාස 04ක මුළු මනිම් විනශ වී පුත්ගලයින් 8දෙනෙකු මරණයට පත්ව ඇත. එම නාය ගිය ස්ථානයේ කිහිප තැනක අදවන විට කළු පැහැති ද්‍රාවනයක් ගලා යන අතර එහි බුබුළු දමයි. තවද පෙරලි ඇත් ගස්වල මුල් කොටස් පිලිස්සුනු ස්භාවයක් ඇත. මෙම සිදුවිම අද දින දක්නට ලැබිමද විශේෂත්වයකිග මෙතෙක් මෙය නිරික්ෂණය කිරිමට කිසිදු නිලධාරියෙකු එහි ගොස් නැත.


(ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත)

No comments:

Post a Comment

Post Bottom Ad