පාලිත තෙවරප්පෙරුම ගංවතුරේ වැඩ කිරීම ගැන ජනපති ඉදිරියේ විවේචන - මෙන්න පාලිත කෙසෙල් ගෙඩියෙන් දුන්න උත්තරේ

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය ආපදා ඇතිවූ සමයේදී ක්‍රියා කළ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා ඉදිරියේ විවේචනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  පාලිත තෙවරප්පෙරුම මෙවැනි අදහසක් මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබෙනවා.

"මේ පක්ෂයේ ඉන්න මහලොකු කෙරුමෝ පක්ෂය දාලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙනකොට යූඑන්පී එකට බලුකපුටෙක්වත් හිටියේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් මම තමයි පක්ෂය ආරක්ෂා කරගත්තේ.ජනාධිපතිතුමා ඉස්සරහා එක රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවේ අයගේ තියෙන්න ඕන වගකීම මිනී උස්සන එකයි බඩු බෙදන  එකයි විතරක් ‍නෙවෙයි කියලා.  හැබැයි ඒ ඇමැතිවරයම කොළඹට ගංවතුර ආපු වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් බෙදුවා."
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment