හෙට සහ අනිද්දා මහ වැස්සකට මුහුණ දෙන්න සූදානම් වෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

හෙට සහ අනිද්දා මහ වැස්සකට මුහුණ දෙන්න සූදානම් වෙන්න

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද (23) රාත්‍රියේ සිට අපේක්ෂා කරන හෙයින් නායයෑම් හා ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දන්වා සිටියි.

කළුතර, කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක හා සබරගමුව දකුණු මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින දෙක (24 සහ 25) තුළදී ද, බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරන අතර එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද දන්වා සිටී. 

මේ වන විටත් එම සෑම ප්‍රදේශයකම ජනතාව දැනුවත් කරමින් සිටින බව පවසන ඒ මහතා හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ක්‍රියාත්මකවීමට රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කර ඇති බව සදහන් කළේය. එමෙන්ම එම ප්‍රදේශවලට මිලිමීටර් 65ත් 100ත් අතර වර්ෂාපතනයක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවැසීය.

ජනයුගය – 2017.06.23

No comments:

Post a Comment

Post Bottom Ad