පන්නිපිටියේ තරණිගේ අඩි පාරේ ගියපු තවත් කෙනෙක් කෝච්චියට බෙල්ල තියයි - (සංවේදී ඡයාරූප සහිතයි)

ජිවිතේ කියන දේ අපිට මිල කරන්න බැහැ. අපේ ජිවිතේ සතුට හැමදාම නැහැ. දුකත් හැමදාම නැහැ. එත් ප්‍රශ්නයක් වුනුහම එකට මුහුණ නොදී ඉක්මන් තීරණ ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙවේ. මේ මාසේ 3 වෙනිදා නුවර පැත්තේ තරණි කියන යුවතියක් දුම්රියට බෙල්ල තියපු එකක් ගැන අපි ඔබට වාර්තා කළා. 

ගත වුණේ දවස් 13යි තවත් කෙනෙක් ඒ අඩි පාරේම ගිහින්. මේ ඒ ගැන කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පාසල් සිසුවියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනයවූ දුම්රියට බෙල්ල තබා සිය දිවි හානි කරගෙන තිබෙනවා. වයස අවුරුදු 18 ක් පමණවන මෙම සිසුවිය මාකුඹුර,පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි බව වාර්තා වන්නේ.

කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ  මෙම සිසුවිය ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණු බව පොලීසිය පවසන්නේ. ඇයගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment