ගංවතුරෙන් පීඩාවට පත්වු පාසල් සිසුන්ට දළදා මාලිගාවෙන් අතහිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ගංවතුරෙන් පීඩාවට පත්වු පාසල් සිසුන්ට දළදා මාලිගාවෙන් අතහිත

ගංවතුරෙන් පීඩාවට පත්වු පාසල් සිසුන්ට දළදා මාලිගාවෙන් අතහිත
ගංවතුරෙන් පීඩාවට පත්වු පාසල් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් මල්වතු අස්ගිරි මහා විහාර මහානායක හිමිවරුන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වු පාසල් සිසු දරු දැරියන්ට අවශ්‍ය උපකරණ බෙදා දීම පසුගිය 13 වනදා සිදු කෙරිණි.

රුපියල් 125,00000කට අධික මුල්‍ය වටිනාකමකින් යුත් පාසල් උපකරණ මෙහිදී සිසු දරු දැරියන් 5000කට අධික පිරිසකට මේ යටතේ බෙදා දෙනු ලැබිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කරංගොඩ, ඇලපාත, සීවලී මහා විද්‍යාලය හා බටුගෙදර මහා විද්‍යාලවල පිහිටි මධ්‍යස්ථාන 4 කදී මෙම ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad