මුලු ලකුණු 834යි..හයේ හතරේ ඒවා 110යි – එංගලන්තයම උණුසුම් කළ සුපිරි මැච් එක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

මුලු ලකුණු 834යි..හයේ හතරේ ඒවා 110යි – එංගලන්තයම උණුසුම් කළ සුපිරි මැච් එක

බ්‍රෙරෙන්ඩන් ටේලර්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ නොටින්හැම්ෂියර් කණ්ඩායම අතර පැවැත්වු තරගයෙන් ලකුණු 24ක ජයක් ලැබීමට සමර්සෙට් කණ්ඩායම පසුගියදා සමත්වුනා.

අර්ධ අවසන් පුර්ව තරගයක් ලෙස පැවැති මෙම තරගයේ ජයග‍්‍රණය සදහා ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නොටින්හැම්ෂියර් කණ්ඩායම ලබාගත හැකි වූයේ ලකුණු 405ක් පමණි. එහිදී ඩීන් එල්ගාර් වේගවත් ලකුණු 91ක් රැස් කිරීමට සමත් වුවත් එය නොටින්හැම්ෂියර් කණ්ඩායමේ ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවුණි. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 50තුල කඩුලු 9ක් දැවී ලකුණු 429ක් ලබා ගැනීමට සමත්වුනා.

එහිදි විශිෂ්ට පිතිහරඹයක් දියත් කල හිටපු සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටෙලර් පන්දු 97කදී වේගවත් ලකුණු 154ක් රැස් කලේ දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 17ක් සමගින් කණ්ඩායම් දෙකටම ජයග‍්‍රහණය දොලනය වෙමින් පැවැති මෙම තරගයේ කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහරවල් හා හතරේ පහරවල් 100කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබීමද විශේෂත්වයක්.

තරගයේ ලකුණු පුවරුව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad