මෝසම් වැස්ස බංග්ලාදේශයේ 60 ක් බිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

මෝසම් වැස්ස බංග්ලාදේශයේ 60 ක් බිලිගනී

බංග්ලාදේශයේ ගිනිකොන කලාපයේ මෝසම් වැසි සමඟ ඇති වූ නායයාම් නිසා මේවනවිට හැටකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වාර්තා වනවා. නාය යාමකින් යටවූ මාර්ගයක් හෙළිපෙහෙළි කරමින් සිටියදී තවත් නාය යාමකට ගොදුරු වීමෙන් මියගියසොල්දාදුවන් පස් දෙනෙකුත් මරණයට පත්වූවන් අතර වනවා.

තවත් අතුරුදහන් වීම් රැසක් චිතගොං (Chittagong Hills )කඳුකර ප්‍රදේශයෙන් වාර්තා වනවා. චිතගොං පළාතේ දිස්ත්‍රික්ක තුනක කඳු නාය ගොස්අ ඇති අතර අයහපත් කාලගුණය බේරා ගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වී තිබෙනවා. රටේ ගිනිකොන කලාපයට අවුරුදු ගණනාවකින් ලද මහවැසි දැන් ඇද වැටෙමින් ඇති බව බංග්ලාදේශ් නිලධාරීහු පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad