කොල්ලෙක් නෙවෙයි කියා සිතා තරුණයෙකුව පස්දෙනෙක් එකතුවෙලා පැය 4ක් තිස්සේ දුෂණය කරලා

ඉන්දියාව කියන්නේ අමුතු කතා මැවෙන රටක්. ඒ රටේ ඉන්න ජනතාව තරමටම වෙන අපරාධ ප්‍රමාණයත් වැඩි යි. මේ කියන්න හදන්නේ වැරදි සිතුවිල්ලක් නිසා තරුණයෙකුට ජීවිතය නැති වූ කතාවක්. මැලේසියාවේ ඉපදුන වයස අවුරුදු 18 ක තරුණයෙකුව තවත් තරුණයින් පිරිසක් එකතුවී ඝාතනය කරලා. ඒ විතරක් නෙමේ ඔහුට බරපතල ලිංගික හිංසනයන් සිදු කරලා.

ඔහුට මේ සිදුවීම වෙච්ච දවසේ පාන්දර 2.00 ට පමණ දුරකතන ඇමතුමකින් තරුණයින් දෙදෙනක් පරුෂ වචනයෙන් බැනලා තියෙනවා. Nhaveen නම් මෙම තරුණයාත් ඔහුන්ට පෙරලා බැනලා තියෙනවා.  ඊට විනාඩි කිහිපයකට පස්සේ වයස අවුරුදු 16ත් 20ත් තරුණයින් පස් දෙනෙකු ඇවිත් Nhaveenට පහර දෙනවා. මේ සියල්ල සිදුවන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ කඩයක් ඉදිරිපිට.

Nhaveen ඔහුන්ගෙන් පලා යන්න උත්සහ කළත් එය සාර්ථක වෙලා නැහැ. පසුව ඔහුව වෙනත් තැනකට අරන් ගිහින් පැය හතරක් තිස්සේ මේ කට්ටිය Nhaveenව දුෂණය කරලා. ඒ වගේම යකඩ පොල්ලක් ආධාරයෙන් ඔහුගේ ලිංගික අවයවයන්වලට බරපතල ලිංගික හානි සිදු කරාලා. රෝහලට ඇතුලත් කළාට පස්සේ වෛද්‍යවරු කියලා තියෙනවා දැනටමත් ඔහුගේ මොළය මියගොස් තියෙන නිසා බේරගන්න බැහැ කියලා. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පැයක් පමණ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව Nhaveen ජිවිතක්ෂයට පත් වෙනවා.

Nhaveen කියන්නේ පාසලේ හොඳට ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් ලු. ඔහු ගොඩක් අහිංසක නිසා නිතර නිතර යාලුවන්ගේ උසුළු විසුළුවලට ලක් වෙනවලු. මේ නිසා ඔහුව ඝාතනය කළ තරුණයින් පස් දෙනාත් හිතලා තියෙන්නේ Nhaveen කියන්නේ පිරිමිත් නොවන ගැහැණුත් නොවන කෙනෙක් කියලා. මේ අපරාධය කළ තරුණයින් පස් දෙනා දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ..

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment