ඉසුරගේ වැඩ නිසා ආණ්ඩුවේ මත ගැටුම් - රවී දින 4ක් කල්දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ඉසුරගේ වැඩ නිසා ආණ්ඩුවේ මත ගැටුම් - රවී දින 4ක් කල්දෙයි

ඉසුරගේ වැඩ නිසා ආණ්ඩුවේ මත ගැටුම් - රවී දින 4ක් කල්දෙයි
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය. කුණු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අතර කොළඹ හා තදාසන්න නගරවල කුණු කසල ඉවත් කිරීමේ කටයුතු විධිමත්ව සිදු නොවන බව ඇමැතිවරුන් කිහිප දෙනෙකු පෙරේදා (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.


ඒ සම්බන්ධයෙන් ඔවුන් බස්නාහිර පළාත් සභාවට සහ එම ප්‍රධාන ඇමැතිවරයාට ද චෝදනා එල්ල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ෆයිසර් මුස්තාපා, සරත් ෆොන්සේකා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැඩිව අදහස් පළ කර ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad