මන්නාරම පුනරීන් ඒ-32 මාර්ගය අවහිර කරමින් ඉරණතිව් වැසියන් විරෝධතා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

මන්නාරම පුනරීන් ඒ-32 මාර්ගය අවහිර කරමින් ඉරණතිව් වැසියන් විරෝධතා…

මන්නාරම පුනරීන් ඒ-32 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පුනරීන් ඉරණතිව් උපවාස කරුවන් පිරිසක් විසින් ඊයේ (24) විරෝධතාවක් දියත් කිරීම නිසා කිලිනොච්චිය පොලීසියට අධිකරණ නියෝගයකින් විරෝධතා කරුවන් ඉවත් කිරීමට සිදු විය.

මාස දෙකකට ආසන්න කාලයක් ඉරණතිව් ප්‍රදේශයේ වැසියන් සිය මුල ඉඩම් ඉල්ලා උපවාසයක නිරත වුනද මෙතෙක් කිසිදු බලධාරියෙකු විසින් විසඳුමක් ලබා නොදීම නිසා උපවාස කරුවන් විසින් විසින් මෙසේ මන්නාරම පුනරීන් එ-32 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ගයේ හිඳගැනීමට කටයුතු කර තිබුණි.

විරෝධතා කරුවන් මාර්ගයේ හිඳ ගැනීම නිසා මාර්ගයේ ප්‍රවාහන කටයුතු නැවතුනු අතර එම අවස්ථාවේදී කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මගින් අදාල විරෝධතා කරුවන් ඉවත් කිරීමට පියවර ගැනුනි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී කියා සිටියේ යුද සමයේදී සිය මුල් ඉඩම් අතහැර ගියද යුද්දය අවසන් වීමෙන් පසුව නැවත පදිංචියට පැමිණියද තමනට ලැබුනේ සිය මුල් ඉඩම් නොවන බවත් විකල්ප ඉඩම් ලැබුනද එම ඉඩම් තමන්ට අවශ්‍ය නොමැති බවටටත් දැනට් තමන්ගේ මුල් ඉඩම්වල පදිංචි වී සිටින ආරක්ෂක අංශ වලින් මුල් ඉඩම් ඉඩම් නිදහස් කොට තමන්ට ලබා දෙන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad