‘අප්සෙට්‌’ නෝට්‌ටුවලට 31න් පස්සේ වටිනාකමක් නැති වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

‘අප්සෙට්‌’ නෝට්‌ටුවලට 31න් පස්සේ වටිනාකමක් නැති වෙයි

සිතාමතා හානි කරන ලද, විකෘති කරන ලද හෝ වෙනස්‌ කරන ලද මුදල් නෝට්‌ටු සඳහා මේ වසරේ (2017) දෙසැම්බර් 31 දිනෙන් පසු මහ බැංකුව විසින් ගෙවීම් නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (23 දා) මහ බැංකුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. 

ඒ නිසා 2017 දෙසැම්බර් 31 වැනිදායින් පසු එවැනි මුදල්  නෝට්‌ටු සන්තකයේ තබාගන්නා අයට එම මුදල් නෝට්‌ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. මේ නිසා හානි වූ විකෘති වූ හෝ වෙනස්‌ කරන ලද මුදල් නෝට්‌ටු තමා ළඟ ඇත්නම් ඒවා වහාම වාණිජ බැංකු ශාඛාවකට ගොස්‌ හුවමාරු කරගන්නා ලෙසද මහ බැංකු අධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

මේ නිසා මුදල් නෝට්‌ටුවලට හානි කිරීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටින මහ බැංකු අධිපතිවරයා පිරිසිදු මුදල් නෝට්‌ටු ප්‍රතිපත්තිය යටතේ මහ බැංකුව විසින් මේ පියවර ගන්නා බවද කියයි. මුදල් නෝට්‌ටු අච්චු ගැසීමට විශාල මුදලක්‌ වැය වන බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

No comments:

Post a Comment

Post Bottom Ad