ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වසරේ අසුබම ආරංචිය මෙන්න.. පොලිය 28% දක්වා ඉහල දැමේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වසරේ අසුබම ආරංචිය මෙන්න.. පොලිය 28% දක්වා ඉහල දැමේ…

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. මේ අනුව මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය 24% ක් විය.

සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන මාසික ගිණුම් ප්‍රකාශ හරහා ආදාළ බැංකු විසින් දැනුම් දී සිටින්නේ මෙම පොළී අනුපාතිකය 2017 ජූලි 01 දින සිට 28% ක් දක්වා ඉහළ නංවනු ලබන බවයි. මෙම සංශෝධිත පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බව අදාළ බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙයින් 28,621 ක් දේශීය වශයෙන් පමණක් ගෙවීම් කළ හැකි ඒවා වන අතර 1,326,350 ක් ජාත්‍යන්තර ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි ඒවා වේ. තවද මෙම සියලූම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2017 අප්‍රේල් මාසය අවසාන වන විට ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 78,797 කි.

– biz.adaderana

No comments:

Post a Comment

Post Bottom Ad