ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත සියයට 24 සිට 28 තෙක් ඉහළට

ශ්‍රී ලංකාවේ භාවිත වන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ. 

මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය සියයට 24 ක් වූ අතර එය 2017 ජූලි 01 දින සිට සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බව වාර්තාවේ.

මෙම සංශෝධිත පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බවද පැවසේ. 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment