ඉන්දියාවට ගැහුව පකිස්ථානය ඩොලර් මිලියන 2.2ක් මුදලක් ගෙදර අරන් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ඉන්දියාවට ගැහුව පකිස්ථානය ඩොලර් මිලියන 2.2ක් මුදලක් ගෙදර අරන් යයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වුනත් තවමත් එහි කතාබහේ අඩුවක් නම් දකින්නට නැහැ. ඒකට හේතුව ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන මිනිසුන්ගේ ආදරය සහ ආශාවයි. ශූරයන්ගේ කුසලානය ගැන වැඩිපුරම කතාකරපු අපිට තවත් තොරතුරු කිහිපයක් ලැබුනා එහි ත්‍යාග මුදල් පිළිබදව.

මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ පකිස්ථානයට හිමි ත්‍යාග මුදල ඉන්දීය මුදලින් රුපියල් කෝටි 14.18යි. අනුශූරයන් වූ ඉන්දීය කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 7යි.

අනෙකුත් කණ්ඩායම් වලට හිමිවූ ත්‍යාග මුදල් පහතින්…..

බංග්ලාදේශයට – ඉන්දීය රුපියල් කෝටි 3
එංගලන්තයට – ඉන්දීය රුපියල් කෝටි 3
ඕස්ට්‍රේලියාවට – ඉන්දීය රුපියල් ලක්ෂ 58
දකුණු අප්‍රිකාවට – ඉන්දීය රුපියල් ලක්ෂ 58
නවසීලන්තයට – ඉන්දීය රුපියල් ලක්ෂ 39
ශ්‍රී ලංකාවට – ඉන්දීය රුපියල් ලක්ෂ 39

No comments:

Post a Comment

Post Bottom Ad