නුගේගොඩදි පිහිපහරවල් 20ක් ඇන ඝාතනය කළ තරුණියගේ ඇත්ත කතාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

නුගේගොඩදි පිහිපහරවල් 20ක් ඇන ඝාතනය කළ තරුණියගේ ඇත්ත කතාව මෙන්න

කලින් සිය පෙම්වතා බව කියන තරුණයකුගේ පිහිපහරට ලක්වූ එක්දරු මවක නුගේගොඩ දෙල්කඳ පරණ කැස්බෑව මාර්ගයේ සූරියමල් මාවතෙ දී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පැවසුවා.

ඇගේ බෙල්ල ප්‍රදේශයට පිහිපහර 12ක් පමණ ඇන ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනවා. මුළු සිරුර පුරාවටම පිහිපහරවල් 20ක් පමණ තිබෙන බවයි පොලීසිය පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න පහළ හේවිස්සේ පදිංචි 25 හැවිරිදි රූපලාවන්‍ය වෘත්තියේ යෙදුණු තරුණියකි. ඇයගේ පියා මැය උපදින්න කලියෙන් මවගෙන් වෙන්වී ඇති අතර පසුව ඇගේ මවගේ අක්කා කෙනෙකු හදා වඩා ගෙන ඇති අතර අම්පාර ප්‍රදේශයේ හැදි වැඩි ඇති අතර පසුව මීගහතැන්න නෑදෑ නිවසක සිට වසර දෙකක් පාසැල් ගොස් තිබෙනවා.

ඒ අතර කාලයේ ඇතිකර ගත් පෙම් සබදතාවයක් මෙම මරණයට හේතු වී තිබෙනවා. පසුව ඇය අම්පාරෙ පදිංචි වී ඇති අතර එහිදි විවාහ වි දරුවකුද සිටින අතර සැමියාගෙන් වෙන් වී ආපසු මිගහතැන්නට පැමිණ ඇගේ මතුගම සිටින පියා සොයා ගොස් ඇති අතර, පියා විසින් ඇයව හොමාගම ප්‍රදේශයේ රැකියාවකට යොමු කොට ඇත. එහිදි පාසැල් වියේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහරදි මරණයට පත් කර තිබෙනවා.

ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත




No comments:

Post a Comment

Post Bottom Ad