අධෝ මාර්ගය අදායම් මාර්ගයක් කරගෙන කුඩු පැකට් 200ක් රෝද තුනෙන් කොළඹට පන්නන්න හැදුවේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

අධෝ මාර්ගය අදායම් මාර්ගයක් කරගෙන කුඩු පැකට් 200ක් රෝද තුනෙන් කොළඹට පන්නන්න හැදුවේ මෙහෙමයි

ගුද මාර්ගයේ සඟවාගෙන හෙරොයින් මිලිග්‍රෑම් 9 ක්‌ ත්‍රිරෝද රථයකින් කොළඹ සිට මොනරාගලට රැගෙන එමින් සිටි තරුණයකු සහ ඊට අනුබල ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරු සමඟ තවත් තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල පොලිස්‌ විශේෂ කාර්යාංශ ඒකකයේ පොලිස්‌ කොස්‌තාපල් (45314) වීරසිංහ මහතාට ලද තොරතුරක්‌ මත මොනරාගල පන්සල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක්‌ පරීක්‍ෂාකොට එහි සිටි තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ගුද මාර්ගයේ තිබූ හෙරොයින් පැකට්‌ 200 ක සොයාගෙන ඇත. ඒවායේ බර ග්‍රෑම්ස්‌ 9 ක්‌ පමණ වන අතර වෙළෙඳ වටිනාකම රුපියල් ලක්‍ෂ තුනක්‌ පමණ වේ.

සැකකාර තරුණයාත් ඔහුට අනුබලදුන් තරුණයෙකුත් ත්‍රීරෝද රථය සමඟ එහි රියදුරුත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට හෙරොයින් රැගෙන ආ බව පවසා ඇත. මොනරාගලදී ඒවා අලෙවිකරන බවද සඳහන් කර තිබේ. මොනරාගල කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උ.පො.ප. බන්දුල පො.සැ.(28411) රංජිත්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (6136) දිසානායක, (71683) මධුසංක, (7638) ධනුෂ්ක, (45314) වීරසිංහ, පොලිස්‌ ආරක්‍ෂක සහායක (2825) වීරසේන, පො. කො. රියදුරු (80206) සේනානායක යන මහත්වරු වැටලීම සිදුකළහ.

No comments:

Post a Comment

Post Bottom Ad