සබීතාගේ බිල්ඩිම පරාදයි, ගුවන්සේවා අධිකාරි බිල්ඩිමට කෝටි 1306ක් කුලී ගෙවලා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

සබීතාගේ බිල්ඩිම පරාදයි, ගුවන්සේවා අධිකාරි බිල්ඩිමට කෝටි 1306ක් කුලී ගෙවලා…

සේවකයින් 147 දෙනකු සේවය කරන සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාලය පවත්වාගෙන යන කාර්යාල ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

මෙහි මාසික කුලිය ලක්ෂ 60කි. මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කිහිපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. එසේ තිබියදී අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ල ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී මුදල වශයෙන් ගෙවනු ලබයි.

මේ පිළිබඳව අධිකාරී පරිපාලනයෙන් කරුණු විමසා ඇති ප්‍රවාහන හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථිර ගොඩනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගෙන ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වසර 1.5කට පෙර මුල්ගල් තබා ඇතත් මෙතෙක් නිමකොට ඇත්තේ තට්ටු 04ක් පමණක් බවද වාර්තා වේ.

අධිකාරිය පවත්වාගෙන යන වත්මන් ගොඩනැගිල්ල අධිකාරියේ ඉහල බලධාරියෙකුගේ සමීප හිතවතකුට අයත් එකක් බවද සේවකයින් පවසයි.

– srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad