මංතීරු නීතිය කැඩූ රියදුරන් 1190 කට දඩ

මංතීරු නීතිය කැඩූ රියදුරන් 1190 කට දඩ
ඊයේ (12) කොළඹ නගරය තුළ හා කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගයන්හි දී ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1190 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී තිබිණි.

මෙම රියදුරන් සඳහා දඩ පත්‍රිකා ලබා දීම මෙන් ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද පොලීසිය කටයුතු කරනු ලැබීය. මංතීරු නීතිය ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ හේතුවෙන් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කිරීමට පොලීසිය බලාපොරොත්තු වේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment