වසර 10කට පසු රජය දැඩි තීරණයක - රජයේ දේපොළ විනාශ කළ අයට රජයේ රැකියා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

වසර 10කට පසු රජය දැඩි තීරණයක - රජයේ දේපොළ විනාශ කළ අයට රජයේ රැකියා නෑ

රජයේ දේපොළ විනාශ කරන සහ ඒවාට හානි කරමින් හැසිරුණු බවට පොලිස් ‍වාර්තාවල සඳහන් වී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව ඉංජිනේරු, වෛද්‍ය, මෙන්ම පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජය අවධානයට ලක් කර ඇත. සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම නිසා ආණ්ඩුව මෙම පියවර ගැනීමට යොමු වී තිබේ.


පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වුවද පසුගිය දස වසරක පමණ කාලය තුළ එය සිදු වී නොමැත. මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් රජය ආණ්ඩුව අපේක්ෂා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad