සංගාගෙන් 100 ඒවා 100ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

සංගාගෙන් 100 ඒවා 100ක්

පළමු පෙළ තරගවලදී හා ලිස්ට් ඒ තරගවලදී ශතක 100 සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ඊයේ (13දා) එංගලන්තයේදි සමත්විය. ඒ එංගලන්ත පළමු පෙළ එක්දින තරගාවලිය වන රෝයල් ලන්ඩන් තරගාවලියේදී සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදිය.

සංගා පළමු පෙළ තරගවලදී ශතක 61ක් හා ලිස්ට් ඒ තරගවලදි ශතක 39ක් රැස්කරගෙන සිටියි. ඊයේ තරගයේදී ඔහු ලකුණු 124ක් රැස්කළ අතර එම ඉනිම හේතුවෙන් සරේ කණ්ඩායම යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව ලකුණු 24ක ජයක් වාර්තා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad