දොස්තර ගුටි කෙළියෙන් 1ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

දොස්තර ගුටි කෙළියෙන් 1ක් රෝහලේ

වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු රෝහල්ගත කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකින් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ පිළිබඳ කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ අදාළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් මත ගැටුම හටගෙන ඇති අතර වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad