කන්ටේනර් රථයේ මාස 02ක් තිස්සේ හිර කරගෙන තරුණියක් දූෂණය කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

කන්ටේනර් රථයේ මාස 02ක් තිස්සේ හිර කරගෙන තරුණියක් දූෂණය කරලා

තරුණියක් පැහැරගෙන ගොස් කන්ටේනර් පෙට්ටියක් තුල සිරකර දම්වැලකින් බැඳ දමා දූෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරුණ වියේ පසුවන තරුණියක් මෙලෙස දූෂණයට ලක්ව ඇති බව වාර්තාවෙයි. ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බව සදහන්.

කාලා බ්‍රවුන් නම් අදාළ තරුණිය දූෂකයා විසින් මාස 02ක් පුරාවට කන්ටේනර් පෙට්ටිය තුල රඳවා තබාගෙන විටින් විට දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. දුෂකයා විසින් අදාල තරුණියගේ 32 හැවිරිදි පෙම්වතාවද පැහැරගෙන ගොස් ඔහුවද වෙනම ස්ථානයක සිර කර තිබේ. මෙම අපරාධය සිදුකළ පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙලෙන අයෙකු බවත් ඔහු මීට පෙර මිනිමැරුම් 07 ක් සිදුකළ අයෙකු බව තොරතුරු වාර්තාවෙයි.

සැකකරු පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ඝාතනය කළ තවත් පෙම් යුවළක් පිළිබදව එහිදි තොරතුරු හෙළිවී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සැකකරු විසින් ඝාතනයක කළ පුද්ගලයන්ගේ සිරුරු ඔහු සතු ඉඩමක වල දමා තිබියදි සොයා ගැනීමටද පොලිසියට හැකි වූ බවයි.




No comments:

Post a Comment

Post Bottom Ad