කොටින්ට ආයුධ මිලට අරන් දුන්නේ MGR - කේපී හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

කොටින්ට ආයුධ මිලට අරන් දුන්නේ MGR - කේපී හෙළි කරයි

WION මාධ්‍ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී හෙළිදරව්වක් කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය

විසින් ආයුධ මිලදී ගැනීමට වැය කළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ එම්.ජී.ආර් විසින් ලබාදුන් බව ඔඑහු පවසා තිබේ. තමිල්නාඩු මහඇමතිනි ජයලලිතාට පෙර තමිල්නාඩුව රජ කරගෙන සිටියේ එම්ජීආර්ය.

එම අවි ආයුධ දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වූ බවත්, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට හොරෙන් අවි රැගෙන ඒම අමාරු දෙයක් නොවූ බවත් පවසා ඇත. වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු ජාත්‍යන්තර කැරලිකාර කණ්ඩායමක් සමග සබඳතාවක් නොතිබුණු බවත් කේ.පී අවධාරණය කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන අදහස වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පැමිණියේ අයර්ලන්තයේ අයි.ආර් ඒ ගරිල්ලන් හා පලස්තීනයේ පී.එල්.ඕ කැරලිකරුවන්ගෙන් බවත්, සංවිධානයේ න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි සේ විරුද්ධ වූ නමුත් සංවිධානයක් ලෙස එම පිළිවෙත වර්ධනය වෙද්දී ඔහු නිහඬ වූ බව කේ.පී මෙහිදී පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad