මගේ ඇමතිකම ඉවත් කලොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරනවා..- ප‍්‍රබල ඇමති කැට තබා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

මගේ ඇමතිකම ඉවත් කලොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරනවා..- ප‍්‍රබල ඇමති කැට තබා කියයි..

තමන්ගේ ඇමති ධුරය අහිමි කලහොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරන බව ආණ්ඩුවේ ප‍්‍රබලම ඇමතිවරයෙක් සිය සමීපතම දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකු සමග පවසා තිබේ.

වංචා දුෂන චෝදනා ගණනාවක් එල්ල වී ඇති නිසා ධුරයෙන් ඉවත් කරන්නේ යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් කලක් තිස්සේ කියමින් සිටින මෙම ඇමතිවරයා තව දුරටත් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමගද කතාකල බවත් තම ඇමති ධුරය ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු උවමනාවක් හෝ කැමැත්තක් නැති බවයි.

පරාජිත ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ උවමනාව මත එජාප ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඇමති ධුරය කිසි ලෙසකින් හෝ ඉවත් කලහොත් තමන් කිසි ඇමති ධුරයක් නොගෙන විපක්‍ෂයට යන බවත් එසේ ගොස් මාස දෙක තුනක් ගතවන්නට පෙර ජනාධිපතිවරයාට පුටුව අහිමි කරන බවද දැඩිව සදහන් කර ඇත.


ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad