රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. මංගල හෝ රාජිත අලුත් අගමැති.. සිංගප්පූරුවේ සාකච්චා ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. මංගල හෝ රාජිත අලුත් අගමැති.. සිංගප්පූරුවේ සාකච්චා ඇරඹේ..

එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධී මන්ත‍්‍රීවරුන් 22ක් නියෝජනය කරමින් කණ්ඩායමක් අද දිනයේ සිංගප්පුරුවට ගොස් විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ. මෙම කණ්ඩායමට සිංගප්පුරු යාමට ඒමට හා එහි රැදී සිටීමට අවශ්‍ය කරවන සියළු වියදම් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනකු විසින් දරනු ලබමින් ඇතැයිද සදහන්ය.

පාලිත තෙවරප්පෙරුම නියොජ්‍ය ඇමතිවරයාටද සිංගප්පුරුවට යාමට ආරාධනා කර ඇතත් ඔහු ප‍්‍රතික්‍ෂෙප කරමින් පවසා ඇත්තේ ‘මට රනිල් වැඩකුත් නෑ. මෛත‍්‍රී වැඩකුත් නෑ. දේශපාලනයෙන් වැඩකුත් නෑ. ගං වතුරෙන් විපත් වුණු මිනිස්සු වෙනුවෙන් මං මෙහෙ ඉන්න ඔ්න. මට එන්න බෑ’ යනුවෙනි.

මේ බව ආරංචි වීමෙන් පසු ඛබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු අගමැති රනිල් වික‍්‍රමසිංහට දන්වා තිබේ. අගමැතිවරයා ඇමරිකා යාමට පෙර ඔවුන් විසින් මේ බව දන්වමින් ඉල්ලා ඇත්තේ මේ තත්වය යටතේ ඇමරිකා ගමන කල් දමන ලෙසයි. නමුත් එය එතරම් නොතකමින් අගමැති රනිල් ‘කලබල වෙන්න එපා. මං ඒ ගැන බලාගන්නම්’ පවසමින් සිය ගමන යාමට කටයුතු කර ඇත.

මෙම කටයුත්ත පිටුපස වත්මන් බලවතෙක් හා හිටපු බලවත් තැනැත්තියක් සිටින්නේ යයිද පැවසෙන අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ රනිල් ඉවත් කර මංගල සමරවීර හෝ රාජිත සේනාරත්න අගමැති තනතුරට පත් කිරීම බවද පැවසෙයි. මෙමගින් ශ‍්‍රීලනිප මූලික ආණ්ඩුවක් එජාප මන්ත‍්‍රී පිරිසකගේද සහයෝගීත්වයෙන් යුතුව පිහිටුවීමට බලාපොරත්තු වන බවද ආරංචි මාර්ග තව දුරටත් කියයි.
ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad