දුමක් හේතුවෙන් කටාර් ගුවන් යානයක් හදිසියේම කටුනායකට බසී

තායිලන්තයේ පුකෙට් නුවර සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ කටා‍ර් ගුවන් සේවයේ යානයක් ඇතුළත ගින්නක් සහ දුමක් ඇතිවූ බවට තොරතුරු වාර්තා වූ බැවින් එය හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට එහි නියමුවා පියවර ගෙන තිබේ. 

කටාර් ගුවන් සේවයට අයත් කිවු ආර් 841 දරණ මෙම යානයේ  මගීහු 208 ක් සහ කාර්ය  මණ්ඩලය 15 ක් සිටියහ .මෙම යානය සාමාන්‍යයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන යානයක් නොවන අතර , එය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , මෙම තත්වය ඇති වී තිබේ.

(ටී.කේ.ජී.කපිල)

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment