මහා දුෂිතයා ඉවතට.. සඳුදා කැබිනට් මාරුව… මුදල් හා මාධ්‍ය මංගල, රාජ්‍ය පරිපාලන ගයන්ත, ඉඩම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි විදේශ, අමරවීරට දයාසිරිට වෙනසක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

මහා දුෂිතයා ඉවතට.. සඳුදා කැබිනට් මාරුව… මුදල් හා මාධ්‍ය මංගල, රාජ්‍ය පරිපාලන ගයන්ත, ඉඩම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි විදේශ, අමරවීරට දයාසිරිට වෙනසක් නෑ..

ලබන සඳුදා අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු බව මාධ්‍ය වෙත වාර්තා වී ඇත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ වෙනස් කිරීම මෙහි මූලික අරමුණ වන අතර ඒ අනුව රජයේ මෙතෙක් සිදුව ඇති මහා පරිමාණ සියලුම දූෂණ චෝදනා මහා බැංකුවේ බැදුම්කර මගඩිය ඇතුළුව වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් වක්‍රාකාරව වගකිව යුතු බව ආණ්ඩුවේ සියලු පාර්ශ්වයන් විසින් තීරණය කොට ඇති බැව් ආණ්ඩුවේ ප්‍රධානින් ගේ ප්‍රකාශවලින් තහවුරු වේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මංගල සමරවීර අමාත්‍යවරයා වෙත පවරන බව අද ඉංගී්‍රීසි පුවත් පතක් වාර්තා කොට ඇත. එමෙන්ම මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරු ගයන්ත කරුණාතිලකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරයත් එම ධූරය දැරු රංජිත් මද්දුම බණ්ඩාරට ඉඩම් අමාත්‍ය ධූරයත් හිමිවන බවත් එම පුවත සනාථ කරයි.

ඉඩම් අමාත්‍ය ධූරය කේ ඩි එස් ගුණවර්ධන අමාත්‍යවරයා මිය යෑමෙන් පසුව එම තනතුර හිස් විමෙන් එය ජෝන් අමරතුංග වෙත පවරා තිබුණි. එමෙන්ම වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක අමාත්‍යවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවරීමට තීරණය කොට ඇති අතර මේ වන තෙක් ඔහු විසින් එය භාර ගැනීමට කැමත්ත ප්‍රකාශ කොට නොමැත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ පුන පුනා කිව් මහින්ද අමරවීර අමාත්‍යවරයාට වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරය මෙවර නොලැබීමටත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව විශාල හඬක් නැගි දයාසිරි ජයසේකරටත් තව දුරටත් වර්තමාන අමාත්‍ය ධූරයේම සිටීමට සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad