උතුරේ හමුදාවට ඉවත් වන්නැයි ජනතාව වීදි බසින දවස නුදුරේදීම - විග්නේෂ්වරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

උතුරේ හමුදාවට ඉවත් වන්නැයි ජනතාව වීදි බසින දවස නුදුරේදීම - විග්නේෂ්වරන්

උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අද දෙමළ ජනතාවට ශෝක දිනයක්. මේ ජනතාවට ශෝකය පළ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙමළ ජනතාවගේ අයිතියක් මේක. සියලු දෙනාගේ ආගම්, කුලවාදි සියලු භේද නැති කර අපි එකට එක් විය යුතු කාලය එළඹිලා තියෙන්නේ. එහෙමයි මේ වගේ දිනයක් පවත්වන්න ඕන“

“2015 ජනවාරි 08 වනදා සිදුවෙච්ච ආණ්ඩු පෙරළියට මමත් මූලික වුණා. නමුත් මැයි 18 වනදා අපේ විරුවන් සිහිකරනකොට අපේ ජනතාව සිහිකරනකොට අපිට ප්‍රශ්න ඇති වුණා. ඒකෙන් පේන්නේ මේ මියගිය අය සිහි කරන දවසේ වැදගත්කම රජය පිළිගන්නේ නැති බවයි. 


ඒ වගේම පසුගිය කාලයේ අපේ ජනතාව මේ ප්‍රදේශවල දේශපාලනික වශයෙන් හෝ කිසියම් භීෂණකාරී වාතාවරණයක් ඇති කළා ද කියලා මම අහනවා. එහෙනම් ඇයි මේ තරම් හමුදාවක් මේ පළාත්වල ඉන්නේ. උතුරේ අනවශ්‍ය ලෙස රැඳී ඉන්න  යුද, නාවික හා ගුවන් හමුදාව ඉවත් වෙන්න කියලා ජනතාව වීදි බසින දවසක් උදාවෙයි කියලා මම හිතනවා“

“මේ වනකොටත් උතුරු පළාතේ අනවසර පදිංචි කිරීම් සිදුවෙනවා. සිංහල ජනතාව බලෙන් ගෙනල්ලා පදිංචි කරනවා. අපේ ජනතාවගේ ඉඩම් ගැටලුත්  විසඳලා නැතිව තවත් අය පිටින් ගෙනත් පදිංචි කළ විට දෙමළ ජනතාවගේ ගැටලු තවත් වැඩිවෙනවා. මේවාට විසඳුම් රජයෙන් ලැබිය යුතු යැයි ද කීය“



(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad