ටියුෂන් යන කොල්ලන්ට, ටියුෂන් යන කෙල්ලෝ අඩු මුදලට ඇඟ විකුණන රාජගිරිය SPA එක ඇතුළේ වැඩ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

ටියුෂන් යන කොල්ලන්ට, ටියුෂන් යන කෙල්ලෝ අඩු මුදලට ඇඟ විකුණන රාජගිරිය SPA එක ඇතුළේ වැඩ මෙන්න

ටියුෂන් පන්තිවලට යන ගැටවරයෝ රාජගිරිය බස් නැවතුම ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලකට නිතර නිතර පැමිණෙන්නට වූහ. සතියේ දිනවල සවස්වරුවට සහ සති අන්තයේ පෙරවරුවේ සහ පස්වරුවේ දී මෙම ඉහළ මහලය ටියුෂන් පන්තිවලට යන ඉලන්දාරි ළමයින්ගෙන් පිරී යති.

එහි බිම් මහලේ ඇත්තේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක්. දෙවැනි මහලේ කඩ කාමර කිහිපයක් ඇත. වෛවර්ණ ඇඳුම්වලින් සැරසී පොත් බෑග් ද කර මත එල්ලන් ටියුෂන් පන්ති යන සිසු ගැටවරයෝ රංචු ගැසෙන්නේ එම කඩ පේළියේම ඇති සම්බාහන මධ්‍යස්ථානයක් අසලය. පාසල් යන සිසුන් පමණක් නොව එතැනට විවිධ වයස් මට්ටම්වල පිරිමි ද දිනපතා පැමිණෙති.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබූ මෙම සම්භාහන මධ්‍යස්ථානය ගැන ඉකුත් දිනක වැලිකඩ පොලිසියට අමුතු තාලයේ ආරංචියක් ලැබුණි. SPA(සම්බාහන මධ්‍යස්ථානයක්) එකක් කියලා ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා? රාජගිරියේ. එතැන්ට වැඩිපුරම එන්නේ ඉස්කෝලේ යන ළමයි" පෞද්ගලික ඔත්තුකරුවකු විසින් සියලු තොරතුරු පොලිස් නිලධාරීන්ට ලබා දෙන්නට වුණි. ඒ අනුව වැටලීමට දින වේලාවල් සැලසුම් වූයේය.

දිනය ඉකුත් මාර්තු 29 වැනිදාය. වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ සම්බාහන මධ්‍යස්ථානය වට කළහ. මෙහෙයුමේ පළමු සැලසුම ක්‍රියාත්මක කරමින් පොලිස් නිලධාරියකු උපාය දූතයකු ලෙස වෙස් වළා ගනිමින් සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වූයේය. ළාබාල තරුණියක් විමසීම් කවුන්ටරය අසල පුටුවක වාඩි වී සිටියාය. ඇය අසලට ගිය පොලිස් උපාය දූතයා සම්බාහන ක්‍රියාව වෙනුවට වෙනත් යෝජනාවක් සිදු කළේය.

"අපේ ළමයි රුපියල් 3000 ඉඳන් රුපියල් 15,000 වෙනකල් ඉන්නවා. සර්ට ඕන්නම් ඕන කෙනෙක් ගෙනත් දෙන්න පුළුවන්. දැනට නම් ඉන්නේ මං විතරයි" විමසීම් කවුන්ටරයේ සිටි තරුණිය සියල්ල පැහැදිලි කර දුන්නාය.

"නෑ මම ඔයාට කැමැතියි" රුපියල් 3000ක් ඇයගේ අතෙහි තබමින් ඇය දුන් උපත් පාලන කොපුවද රැගෙන පොලිස් උපාය දූතයා එහි වූ කුඩා කාමරයකට ගියේය.

තරුණියද කාමරයට පැමිණෙනවාත් සමඟම පොලිස් උපාය දූතයා මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බවට ඉඟි කරමින් සම්බාහන මධ්‍යස්ථානයෙන් පිටත සිටින පොලිස් නිලධාරීන්ට දුරකතන පණිවුඩයක් ලබා දුන්නේය. සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමටත් නොහැකි වූ තරුණිය පොලිස් අත්අඩංගුවට පත් විය. ඊට අමතරව එහි සිටි කළමනාකරුද පොලිස් අත්අඩංගුවට ගැනුණි.

සම්බාහන මධ්‍යස්ථානයේ කාමර හතරක් වෙන් වෙන්ව සකසා ඇත. පුද්ගලයාගේ අවශ්‍යතාව මත වෙනත් ස්ථානයක සිටද කාන්තාවන්ද එම කාමර තුළට හොර රහසේ රැගෙනවිත් ලබාදෙන බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. මෙම සියලු ගනුදෙනු ජංගම දුරකතන හරහා සිදුවිය. මෙහි හිමිකරුට, ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් එක් වරකට කම්සැප ලබා දී උපයා ගන්නා මුදලින් රුපියල් දහසක් වෙන් කරනු ලැබෙයි.

දිනකට විස්සක තිහක පුද්ගලයෝ කම්සැප ලබා ගැනීම සඳහා මීට ඇතුළු වෙති. පුරුද්දක් වශයෙන් පැමිණෙන පාසල් සිසුන් ද ඇති බව අනාවරණය වී තිබේ. සමහර සිසුහු මාසික ටියුෂන් පන්ති කාඩ්පතට දෙමාපියන් ලබාදෙන මුදලද මෙහි සිටින තරුණියන්ට ලබාදී කම්සැප විඳ ගැනීමට පැමිණෙති. මෙහි කම්සැප විඳ ගැනීම කොටස් වලට බෙදා වෙන් කර ඇත.

"සුළු වේලා කම්සැපයකට රුපියල් 500කි. සාමාන්‍ය කාලයක කම්සැපක් ලබා ගැනීමට රුපියල් 1000කි. ඉන් ඔබ්බට ගොස් පැය කිහිපයක් තරුණියක සමඟ සිටීමට තරුණිය නියම කරන ගාස්තු ගෙවිය යුතුය."

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් තරුණියද කොස්ගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. එසේම මෙතැනට කම්සැප සොයා පැමිණෙන සිසුන් ද කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලය. එමෙන්ම ඔවුන් වැදගත් සල්ලිකාර පවුල්වල දරුවන්ය. සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා ජාවාරමක් සිදුකර ගෙන ගිය මෙහි හිමිකරු නීතියෙන් ගැලවීමට මෙම ස්ථානයට නොපැමිණෙන බව ද පොලීසිය පවසයි. ඔහු මෙම ජාවාරම සිදු කරන්නේ ද ජංගම දුරකනය හරහා සම්බන්ධ වෙමිනි. 


කෙසේ වෙතත් ඔහු සොයා පොලිස් මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබේ. මීට අමතරව වැලිකඩ පොලිස් වසමේම සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ක්‍රියාත්මක වූ තවත් ගණිකා මධ්‍යස්ථාන දෙකක් වැලිකඩ පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් වටලනු ලැබීය. ඒ ඉකුත් මාර්තු 30 සහ අප්‍රේල් 01 වැනිදාය. ඉන් එක් ස්ථානයක් පිහිටියේ බත්තරමුල්ල, දියත උයන ආසන්නයේය. ගණිකා වෘත්තියේ නියැළීමේ වරදට එහි සිටි වයස අවුරුදු 18, 19, 20, 23 යන වයස්වල පසුවන තරුණියන් සිවුදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අතර සිටින වයස අවුරුදු 18 සහ 19 හැවිරිදි වයසෙහි පසුවන තරුණියන් දෙදෙනා මෙම වෘත්තියට ප්‍රවිෂ්ඨ වී ඇත්තේ අ.පො.ස. උසස් පෙළ විභාගය ලිවීමට ටියුෂන් පන්තිවලට යෑම සඳහා අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමටය. එම ගණිකා නිවාසයේ සිටින තරුණියන් සොයා පැමිණෙන්නේ සුපිරි පැලැන්තියේ පුද්ගලයන්ය. තරුණියන් ලබා දෙන කම්සැප අනුව සතුටු මුදල් එම පුද්ගලයන් විසින් තරුණියන්ට ලබා දී තිබේ.

අප දන්නා පරිදි සෑම කතාවකම දෙපැත්තක් ඇත.  ඔබ කියවන මෙම ලිපියේද පාර්ශ්ව දෙකක් සිටිති. ඉන් එක් පාර්ශ්වයක් නම්, ටියුෂන් පන්ති යෑමට දෙමාපියන් දෙන මුදල් කම්සැප විඳ ගැනීමට ගණිකා වෘත්තියේ නියැළෙන තරුණියන්ට පූජා කරන ශිෂ්‍ය පාර්ශ්වයයි. ඔවුන් සල්ලිකාර පවුල්වල ළමයින්ය.  අනෙක් පාර්ශ්වය වන්නේ, විභාග සමත් වීමට නොනිමි ආශාවෙන් ටියුෂන් පන්ති යෑමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සිරුර විකිණීමට සිදුවූ පාර්ශ්වයයි.

කෙසේ වෙතත් මෙම පාර්ශ්වයන් දෙකම අයත් වන්නේ මේ රටේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ ගොඩටයි.

(mawbima)

No comments:

Post a Comment

Post Bottom Ad