සුරාබදු නඩු පැවරීමට ‍පොලීසියටත් බලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

සුරාබදු නඩු පැවරීමට ‍පොලීසියටත් බලයක්

සුරාබදු නඩු පැවරීමට ‍පොලීසියටත් බලයක්
සුරාබදු ආඥා පනත යටතේ ඉකුත් කාල පරිච්ජේදය තුළ ‍පොලිස් නිලධාරීන්ට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට වූ ගැටලුව අවසන් කරමින් ශ්‍රී ලංකා ‍පොලීසියට සුරාබදු ආඥා පනත යටතේ අධිකරණයේ නඩු පැවරීමට නීතිමය බලයක් තිබෙන බවට ඓතිහාසික නඩු තීන්දුවක් පිටු පනස් හතරකින් යුතුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ප්‍රකාශයට පත් කළේය.

නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මෙම නඩුවේදී ‍පොලිස් නිලධාරියාද සුරාබදු නිලධාරියකු ලෙසට අර්ථ නිරූපණය කරමින් දැක්වූ කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. එම නඩු තීන්දුව අනුව 1912 වර්ෂයේ සිට වසර 105කට ආසන්න කාලයක් වැටලීම් සිදුකළ ආකාරයටම මින් ඉදිරියටත් සුරාබදු ආඥා පනත යටතේ නීතිවිරෝධී මත්පැන් අරක්කු, බියර්, රා ආදී සුරාද්‍රව්‍යවලට අදාළ වැටලීම් කර නඩු පවරන බව නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා ගාල්ල ‍පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම අවහිරය නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක දරුණු ලෙස කසිප්පු සහ නීතිවිරෝධී ජාවාරම්කරුවන් හිස ඔසවමින් සිටි බවත් මේ තීන්දුවත් සමග ‍පොලීසියට ලද නීතිමය බලතල අනුව සියලු නීති විරෝධී මත් වතුර සහ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකර ඒවා මර්දනය කරන බවද නියෝජ්‍ය ‍පොලිස්පති (නීතිය) අජිත් රෝහණ මහතා පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad