ශිරන්ති ඇතුළට යන බව බැඳුම්කර පත්තරේ කියයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

ශිරන්ති ඇතුළට යන බව බැඳුම්කර පත්තරේ කියයි.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රභූ කාන්තාවක් ඉදිරියේදී අත්අඩංගුවට පත්වන බව ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස් විසින් අලුතින් ඇරඹූ ජනයුගය ඉරිදා පුවත්පත වාර්තා කර ඇත.

මේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ වැඩි සැකයට භාජනය වී ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බව ප්‍රසිද්ධ රහසක්ව තිබේ. රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනයට ලක් වූ දා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට හේතුවී ඇත.

තාජුදීන් ඝාතනය වූ රාත්‍රියේ අරලියගහ මැදුරේ දුරකථන අංක පරීක්ෂා කර බැලීමේ දී එක් දුරකථනයකින් ඇමතුම් 41 ක් බැහැරට ගොස් ඇති බව විමර්ශන කණ්ඩායම සොයාගෙන ඇත. වැඩිදුරටත් විමර්ශනය කිරීමේ දී අදාළ දුරකථනය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලිකව පාවිච්චි කළ දුරකථනය බව තහවුරු වී ඇත.

මෙම දුරකථන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් එවක නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයටත් එවක ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයටත් මධ්‍යම රාත්‍රිය ඉක්වමා යනතෙක් ලබා දී තිබීම රහස් පොලීසියේ විශේෂ අවධානයට ලක්ව ඇතැයිද පැවසේ. තවත් දොස්තරවරයෙක්ද මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමට නියමිත බව එම පුවත්පතේ සටහන්ව ඇත.

කෙසේවුවද, ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රිමාන්ඩ් භාරයේ පසුවන අතර, නාරාහෙන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇපමත මුදාහැර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad