සාකච්ජාව උණුසුම් – රාජපක්ෂලා ගැන ජොන්ගේ අදහස්වලට ජනපති එකග වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

සාකච්ජාව උණුසුම් – රාජපක්ෂලා ගැන ජොන්ගේ අදහස්වලට ජනපති එකග වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කර සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය පක්ෂයෙන් නෙරපිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් නිසා පෙරේදා (18දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

මැයි දින රැස්වීම සඳහා ආධාරකරුවන් ඒකරාශී කර ගැනීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පවත්වා ඇති බව දැනගන්නට ඇත. එම සාකච්ඡාවේදී පාක්ෂිකයන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් වී ඇත. ආසන සංවිධායක තනතුරුවලින් දැනට ඉවත් කර සිටින පිරිස  සහ ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු බවට යෝජනා කර තිබෙන්නේ ශ්‍රී ලනිප පක්ෂයේ මහලේකම්වරයා විසින් බව දැනගන්නට ඇත.

එම යෝජනාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා දැඩි ලෙස විරෝධතාවක් පළකර ඇති බවද දැනගන්නට ඇත. පක්ෂය සමඟි කරගෙන ඉදිරියට යෑම සිදුකළ යුතු අවස්ථාවක මේ අන්දමින් සාමාජිකයන් නෙරපා හැරීම කිසිසේත් නුසුදුසු බව ඇමැති සෙනෙවිරත්න මහතා මෙහිදී අවධාරණය කර ඇත. ආසන සංවිධායකවරු ඉවත් කර ඔවුන් පක්ෂයෙන් නෙරපා හරිමින් පක්ෂයක් ගෙනයෑමට පුළුවන්දැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කර ඇත.

“අපි මේ පක්ෂය සමඟි කරන්නට හැම උත්සාහයක්ම ගන්නවා. විවිධ අන්දමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. යම් යම් එකඟතාවන් ඇතිකරගෙන පක්ෂය කඩාවැටීමෙන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා පක්ෂයේ සමඟිය ගොඩනඟමින් සිටින අවස්ථාවක අපි කවුරුත් ලොකු වගකීමකින් යුතුව කරන්න ඕන. මේ විදියට වැඩ කරන්න ගියොත් අපේ පක්ෂය දෙකඩ වෙන එක නවත්වන්න බැරිවේවි” යැයි ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් පවසා ඇත.

ඇමැතිවරයාගේ අදහස් මෙහිදී ජනාධිපතිවරයාද අනුමත කර ඇති බවද දැනගන්නට ඇත. ඇමැති සෙනෙවිරත්න මහතා එසේ අදහස් පළ කළ අවස්ථාවේ ඊට විරුද්ධ මත ප්‍රකාශ වීමක් සිදු නොවූ බවද වාර්තා වේ

-srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad