ඉතිහාසයේ නැවත වරක් ඒක පුද්ගල ආදායම අඩුවෙයි.. සැබෑ ආර්ථික වර්ධනය 1% ටත් වඩා අඩුයි.. අලූත්ම මහ බැංකු වාර්තාවේ සැගවුනු ඇත්ත මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

ඉතිහාසයේ නැවත වරක් ඒක පුද්ගල ආදායම අඩුවෙයි.. සැබෑ ආර්ථික වර්ධනය 1% ටත් වඩා අඩුයි.. අලූත්ම මහ බැංකු වාර්තාවේ සැගවුනු ඇත්ත මෙන්න..

ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කල ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු වාර්තාවේ මහ බැංකුව විසින් එලි දැක්වීය.

එයින් පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වී ඇති බව පේනවා යැයි විද්වතුන් සහ ව්‍යාවසායකයින් සමඟ පෑවති සාකච්ඡාවකදි ශ්‍රි ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව 2016 හි ආර්ථික හා මූල්‍ය වාර්තාව විග්‍රහ කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

එහිදි හෙතෙම පැහැදිලි කරන ලද්දේ එම වාර්තාව අනුව පසුගිය වසරේ සත්‍ය ආර්ථික වර්ධනය සීයයට එකකටත් වඩා අඩු බවත් එය එම වාර්තාව අනුව පැහැදිලිව දැක ගත හැකි බවයි. එහෙත් පසුගිය දා ආණ්ඩුව පැවසුවේ රටේ ආර්ථික වර්ධනය 4.7% ක් බවයි. 2015 වර්ෂයේ ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් 3843 ක් වු අතර රටේ ජනගහනය මිලියන 20.966 කි. ඒ අනුව සමස්ථ දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො.බිලියන 80.5 කි.

2016 වර්ෂයේ ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් 3835කි රටේ ජනගහනය මිලියන 21 දශම 203 කි. ඒ අනුව සමස්ථ දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො.බිලියන 81.31කි මේ අනුව සත්‍ය වශයෙන්ම ආර්ථිකය වැඩි වී ඇත්තේ 0.9 කිනි. එමෙන්ම ඒක පුද්ගල ආදායම 2015 වසරේ ඇ.ඩොලර් 3744 ක් වූ අතර 2016 දි ඇ.ඩොලර් 3727 දක්වා අ.ඩො. 17 කින් අඩු වි ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ යුගයේ 2005 වසරේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1240 සිට 2014 අවසන් වනවිට ඇ.ඩො. 3853 දක්වා (2015 මහා බැංකුවේ වාර්තාව අනුව) 300% කින් පමණ වසර 9 කින් වැඩි කල බවද ඔහු පැවසීය. ශ්‍රි ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව 2016 හි වාර්තාවේ පිටු අංක 2 ජනගහනය සහ නිමවුම (ඌ) යටතේ පරීක්ෂා කර බලන්න.


No comments:

Post a Comment

Post Bottom Ad